Advertisment





සුපිරි වාහන වලින් ඇවිත් ඩෝසර් වලින් වත් කළ නොහැකි දේ කරමින් , නපුරු ගංවතුරින් අසරණ වූවන්ගේ පිහිටට ආ ලංකාවේ අයන් මෑන්ලා (PHOTOS)


හිත් පිත් නැති ගලපු නපුරු ගංවතුර නිසා අපේ මිනිසුන්ගේ බොහෝ දේවල් නැති කරද්දි හැමදාමත් වගේ ඔවුන්ගේ පිහිටට ආවේ අපේම මිනිස්සු තමයි.

බොහෝ දෙනා එකතු වුණා. උදව් අවැසි අය ගැන තොරතුරු හුවමාරු වුණා.අධාර එකතු කළා.සමහරු ස්වේඡාවෙන්ම ඉදිරිපත් වෙලා විපතට පත්වුණු ප්‍රදේශ වලට ගිහින් සහන සේවා කටයුතු වලට එක්වුණා.හැමෝම වගේ තමන්ට පුලු පුලුවන් විදියට උදව් කළා.

ඒ අතරේ හිටි කණ්ඩායමක් තමයි  Ironman 4x4 Emergency Response team එක කියන්නේ.මොවුන් ගැන මේ දවස් වල සමාජ ජාල වල කතාවෙනවා ඔබ දැකලත් ඇති.මෙයාලා ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායමක්.

ආපදා වලදී බොහෝ අය පසුගාමී වී ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් මත පමණක් බර පැටවෙන සමාජයක නවතම බලවේගයක් ලෙස ක්‍රියා කිරීමයි ඔවුන්ගේ අරමුණ.

මේ කණ්ඩායමට තියෙන්නේ බරපතල එමෙන්ම අසාමන්‍ය වාහන. මේ වාහන වලට ආපදාවකදී කල හැකි දේ බොහෝයි.ගංවතුර ගලපු වෙලාවේ මොවුන් කිසිම වාහනයකට යන්න බැරි තැන් වල යමින්, විපතට පත්වූවන්ට ආධාර උපකාර කරමින් ලොකු වැඩ කොටසක් කළා.

ගංවතුර අස්සෙත් වාහන ගෙන්නන්න හදපු ඇමතිලා හිටපු රටක ඩෝසර් වලින්වත් කරන්න බැරි වැඩ කරපු අයන් මෑන් ටීම් එක කරපු මෙහෙය උදාර බවයි බොහෝ දෙනා කියලා තිබුණේ.

ඒ වගේම අයන්මෑන් ටීම් එක ශ්‍රී ලංකා වැසියන් සෑම දෙනෙකුටම හමුදා නොවන මෙහෙයුම් වලට (Non Military Ops) දායක විය හැකි අකාරය ගැන නව මානයක් හදුන්වා දී ඇති බවයි ඇතැමුන් කියලා තිබුණේ..

අයන් මෑන් ටීම් එක ගංවතුරින් විපතට පත්වූ ජනතාවට උදව් කළේ මෙන්න මේ විදියටයි.



















Labels:



Leave A Comment:

Copyright © Achcharu Video.
Powered by Blogger.