ලෝකයේ විවිධාකාර සිදුවීම් සෑම තත්පරයකදීම සිදුවේ. එවන් සිදු වීම් අතර මෙවන් සංවේදී සිදුවීම් පිළිබඳව දැන ගන්නට ලැබීමත්
කණගාටු දායක කාරණයකි. මෙම සංවෙදී පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශයේ දාමෝ නැමති දිස්ත්‍රිකයෙනි.
දුම්රිය මාර්ගයේ පීලී මත වැටී සිටි කාන්තාවකගේ මළ සිරුරක් පිළිබඳව තොරතුරු ලැබුන පොලීසිය වහා එම ස්ථානයට වාර්තා කර ඇත. එහිදී දකින්නට ලැබ ඇත්තේ හඳ කම්පා කරන කාරයකි. මිය ගිය කාන්තාව අසල හඬමින් කුඩා බිළිඳකු සිට ඇත බිළිදා මවගෙන් කිරි උරා බොමින් සිට තිබේ. තම මව මිය ගිය බව නොදත් බිළිදා හඬ හඬා කිරි බොන මේ සංවේදී පුවත මේ වන විට අන්තර් ජාලය පුරා පැතිරෙමින් පවතී.
බිළිදාට මව මිය ගිය නැති බව දැනෙන්නට ඉඩ නොදී එම ස්ථානයෙන් බිළිදා රැගෙන යාමට පොලීසය කටයුතු කර ඇත . පොලිස් නිළධාරීන් බිළිදාගේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කොට ළමා නිවාසයකට යොමු කර තිබේ. මිය ගිය බිළිදාගේ මවගේ දේහය පිළිබඳව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Labels: Video