Achcharu Video

Advertisment


බදුලු කෝච්චියට පැන සරසවි සිසුවිය දිවි නසාගනී පේරාදෙණිය සරසවි සිසුවියක් පේරාදෙණියේදී පොඩි මැණිකේ දුම්රියට පැන සිය දිවි නසාගෙන තිබේ.


හිත් පිත් නැති ගලපු නපුරු ගංවතුර නිසා අපේ මිනිසුන්ගේ බොහෝ දේවල් නැති කරද්දි හැමදාමත් වගේ ඔවුන්ගේ පිහිටට ආවේ අපේම මිනිස්සු තමයි.

බොහෝ දෙනා එකතු වුණා. උදව් අවැසි අය ගැන තොරතුරු හුවමාරු වුණා.අධාර එකතු කළා.සමහරු ස්වේඡාවෙන්ම ඉදිරිපත් වෙලා විපතට පත්වුණු ප්‍රදේශ වලට ගිහින් සහන සේවා කටයුතු වලට එක්වුණා.හැමෝම වගේ තමන්ට පුලු පුලුවන් විදියට උදව් කළා.

ඒ අතරේ හිටි කණ්ඩායමක් තමයි  Ironman 4x4 Emergency Response team එක කියන්නේ.මොවුන් ගැන මේ දවස් වල සමාජ ජාල වල කතාවෙනවා ඔබ දැකලත් ඇති.මෙයාලා ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායමක්.

ආපදා වලදී බොහෝ අය පසුගාමී වී ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් මත පමණක් බර පැටවෙන සමාජයක නවතම බලවේගයක් ලෙස ක්‍රියා කිරීමයි ඔවුන්ගේ අරමුණ.

මේ කණ්ඩායමට තියෙන්නේ බරපතල එමෙන්ම අසාමන්‍ය වාහන. මේ වාහන වලට ආපදාවකදී කල හැකි දේ බොහෝයි.ගංවතුර ගලපු වෙලාවේ මොවුන් කිසිම වාහනයකට යන්න බැරි තැන් වල යමින්, විපතට පත්වූවන්ට ආධාර උපකාර කරමින් ලොකු වැඩ කොටසක් කළා.

ගංවතුර අස්සෙත් වාහන ගෙන්නන්න හදපු ඇමතිලා හිටපු රටක ඩෝසර් වලින්වත් කරන්න බැරි වැඩ කරපු අයන් මෑන් ටීම් එක කරපු මෙහෙය උදාර බවයි බොහෝ දෙනා කියලා තිබුණේ.

ඒ වගේම අයන්මෑන් ටීම් එක ශ්‍රී ලංකා වැසියන් සෑම දෙනෙකුටම හමුදා නොවන මෙහෙයුම් වලට (Non Military Ops) දායක විය හැකි අකාරය ගැන නව මානයක් හදුන්වා දී ඇති බවයි ඇතැමුන් කියලා තිබුණේ..

අයන් මෑන් ටීම් එක ගංවතුරින් විපතට පත්වූ ජනතාවට උදව් කළේ මෙන්න මේ විදියටයි.



















තරුණියන් තිදෙනෙකු එක්වී දින තුනක තිස්සේ තරුණයෙකු දූෂණය කළ පුවතක් වාර්තාවෙයි
මෙම පුවත වාර්තාවන්නේ දකුණු අප්‍රිකාවෙනි.
සිද්ධියට මුහුණ දී ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා සිය පෞද්ගලික ගමනක් සඳහා මාර්ගයේ ගමන් කරමින් තිබූ කූලී රථයකට කතා කොට ඇති අතර ඒ වන විට එම රථයේ පිටුපස ආසනයේ මෙම තරුණියන් තිදෙනා සිට ඇත.
රියදුරාගේ කීමට අනුව ඔහු ඉදිරිපස ආසනයෙන් වාඩිවී ඇති අතර එහිදී කිසියම් අයෙකු විසින් සිහි සුන්වන බෙහෙතක් එන්නත් කර තිබේ.
සිහි එන විට තමා එම තරුණියන් තිදෙනා සමග කාමරයක සිටි බවත්,ඔවුන් දින තුනක් තිස්සේ තමාව දූෂණය කළ බවත් පොලීසිය වෙත පවසා තිබේ.
පසුව අදාළ තරුණියන් තිදෙනා විසින් පාලු ප්‍රදේශයකට එම තරුණයාව ගෙනවිත් දමා තිබෙනවා.
ආහාර නොදී ශක්ති ජනක පාන පමණක් මෙම තරුණයාට ලබා දීම නිසා ඔහුගේ සෞඛ්‍ය තත්වය අඩාල වී ඇති බවයි වාර්තාවන්නේ.
අදාළ තරුණියන් සොයා එරට පොලීසිය වැඩිදුර පරීක්ෂ පවත්වයි.
වසරකට දකුණු අප්‍රිකාවේ දූෂණය කිරීමේ සිදුවීම් ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රසිද්ධ චිත්‍රපටි නිළියක් වන සනී ලියොන්ගේ ජීවිතය අනු නවයෙන් බේරිලා තියෙන සිද්ධියක් වාර්තා වෙනවාඇය සහ ඇයගේ සැමියා මෙන්ම යහළුවන් පිරිසක් තමයි මේ ජීවිත අවදානමට මුහුණපාලා තියෙන්නේඑම පිරිස කොහොම හරි පෞද්ගලකි ගුවන් යානයකින් ගමන් කරමින් සිටියදී, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් යානය අනතුරකට මුහුණපාන්න සිදුවෙලා.
හැබැයි මේ යානයේ ගුවන් නියමුවාගේ දක්ෂතාවය හේතුවෙන් කිසිදු අනතුරක් නොමැතිව ගුවන් යානය ගොඩබෑමට හැකිවෙලා කියලයි සනී ලියොන් කියන්නේ.එම වීඩියෝ බලන්න

A post shared by Sunny Leone (@sunnyleone) on






වීඩියෝව නරඹන්න උඩ රූපය මත ක්ලික් කරන්න
සංවේදි දර්ශන සහිතයි

මේ වෙනකන්ම බොහොම උවමනාවෙන් සේවාවක් කරන සියලු දෙනාටම හා ඒ වෙනුවෙන් මහන්සි වූ මාධ්‍ය ආයතන වලටද ස්තූතිය පල කිරීමට ඔහු අමතක කලේ නොමැත. 



මෙක හොල්මන් කතාවක් නම් නෙමෙයි එත් ගොඩාක් අයගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙයි කියලා හිතනවා

1 රෑ 9න් පස්සේ පිච්ච මල් සුවද දැනිම හා , බල්ලන් බුරන කෙදිරිගාන සද්ද ඇසිම සුනියම් දෙවියෝ නොහොත් ගම්බාර දෙවියෝ වැඩිම නිසා සිදු වෙනවා

අපි ගම්බාර අප්පච්චි ගැන කතා කරමු

ගම්බාර සිද්ධ සූනියම් දෙවියෝ කඹලෑ මුත්තා, කඹලෑ අප්පච්චී, කබලෑවේ බණ්ඩාර, කබලෑවේ මුදියන්සේ, ඔඩ්ඩි වඩිග හූනියමා, ගම්බාර මුත්තා යන නම්වලින් සත්කෝරලයේ සිංහලයන් හඳුන්වනු ලබන්නේ කඹලෑවේ දෙවියාය. මේ දෙවියන් පිළිබඳ උත්පත්ති කතා කිහිපයක් ජනශ්‍රැතියේ සඳහන් වේ. ඉන් එකක් මෙසේය.

පුරාණ දඹදිව උතුරු දිශාවේ එක්තරා ප්‍රදේශයක දරුණු යක්‍ෂ උවදුරක් පැවැතියේය. මල්වර වූ දැරියක් හෝ රූමත් කාන්තාවක තනිපංගලමේ සිටියදී විකාරයෙන් ‍ෙදාඩවන්නට විය. අලුත උපන් බිලිඳුන් එක්වරම අතුරුදන් විය. මෙම ඛේදවාචකයෙන් පීඩාවට පත්වූ රටවැසියෝ විවිධ ශාන්තිකර්ම කරමින් උවදුරින් මිදෙන්න උත්සාහ ගත්ත ද, ඒ සියලු උත්සාහයන් ගඟට කැපූ ඉනි මෙන් විය. එයින් නොනැවතුණු රට වැසියෝ තෙළිඟු රටින් දක්‍ෂ යකැදුරකු ගෙන්වීය. යක්‍ෂයාගේ බලවත්කම දුටු යකැදුරා හූනියම් කැපුම් මන්ත්‍ර ලක්‍ෂයක් ලියා ජීවම් කළ පුස්කොළ ග්‍රන්ථයක් ඇතුළට යක්‍ෂයා අල්ලා සිර කරන ලදී. පුස්කොළ ග්‍රන්ථය තෙළිඟු රටට ගෙනා යකැදුරා එය රන් නූලකින් ගැටගසා මුහුදේ පා කර යැවීය.

මුහුදේ පාවී ආ පුස්කොළ ග්‍රන්ථය ලක්දිව දකුණු ඉවුරේ තිබී නිවැසියකුට හමු විය. ඒ අතර පුල්ලියාපිටියේ (වර්තමාන කුලියාපිටිය ප්‍රදේශය) දීගල්ල ප්‍රදේශයේ උපාසකයෙක් මාතර ප්‍රදේශයේ වන්දනා ගමනකට ගියේය. එම උපාසක තෙම සමඟ කුලුපග වූ නිවැසියා, එය කිසි දිනෙක නොලිහන පොරොන්දුව පිට පුස්කොළ ග්‍රන්ථය උපාසකයාට දිනි. නිවැසියාට වූ පොරොන්දුව පිට පුස්කොළ පොත තම නිවෙසට ගෙන ගිය උපාසකයා පෙට්ටගමක් තුළ එය බහා තැබීය. කලක් ගත විය. කෙසේ හෝ මේ පිළිබඳ තොරතුරු දැනගත් ‍ෙදාඩම්පාවුල ගමේ විසූ පුද්ගලයෙක් එම නිවෙසට පැමිණ පොත සොරා ගත්තේ, එහි බලගතු මන්ත්‍ර තිබේ යැයි සැක කරමිනි. පොත සොරා ගත් ඔහු එම රන් දම් ලිහන්න විය. ක්‍ෂණයෙන් පොතෙන් එළියට පැනගත් යක්‍ෂයා අහසේ සිට මහත් පෙළහර පාන්න විය.

ගොඩ බැස සිංහල යට නොව ලසිනා
මුදා බලමු පොත මැතිවරු කියනා
මුදා එළනු පොත වට බැමි ලිහනා
එදා පැනපි ගුව නට එර්දියෙනා
එයින් බියට පත් වූ සොරා කලබල වී පොත නැවත බඳින්න ලණුව තද කරන විට එය කැඩී ගියේය. එක්වරම "නැවත කඹ ලා හිරකරනු" යැයි විධානයක් ඇසිණි. නමුත් ඒ වන විට යක්‍ෂයා එළියට පැන සිටියේය. පෙර සේම රට වැසියන්ට වින කරනමින් රට පුරා සැරිසැරීය. විශේෂයෙන් මන්ත්‍ර ගුරුකම් දන්න පිරිමි ළමයින් ඔහු අතින් විනාශ විය. අලුත ඉපදුණු බිලිඳුන් පැදුරු වාන් අස්සේ, කුඹුරු නියරවල් උඩ අබ්බගාත වී වැටී සිටියහ. කබලෑවේ වැසියන්ට හිරිහැර කළ යක්‍ෂයා දමනය කිරීමට කිසිදු පුද්ගලයකුට නොහැකි විය. යක්‍ෂයා බැඳ තිබූ පොත කුඹල්වල ගමේ නුග ගසක දෙබලක සඟවන ලද අතර කාලයාගේ ඇවෑමෙන් මෙම දෙබල පොත සමඟ හාවී ගියේය. මෙම යක්‍ෂයා මිනිසුන්ට කළ වින මෙසේ සඳහන් වේ.

කටුවැල්ලට දෙවි යෝ වැඩි ගමනේ
සිව්වල් පොල් මුල් ලේ පොල් සෙවනේ
වැටවල් පොඩිකර ගිජිඳෙකු ලෙසිනේ
වැටවල් පීරා බියගන් වමිනේ
අවසානයේ දී එගම රාජපද්ම මුදියන්සේ නම් උපාසකයා මුල් වී මෙම උවදුරින් බේරා ගන්නා ලෙස පත්තිනි දෙවියන්ගෙන් අයැද සිටියේය. පත්තිනි දෙවියන් කියා සිටියේ නවගුණ මන්තරයෙන් ලක්‍ෂ වාරයක් ජීවම් කළ නවගුණ වැල් හත් පොටක් සකස් කර දෙන ලෙසයි. රාජපත්ම මුදියන්සේ එය ජීවම් කර දුන්නේය. පත්තිනි දෙවියන් මහත් පරිශ්‍රමයෙන් යක්‍ෂයාගේ ගෙලට නවගුණ හත්පොට දැම්මේය. එකෙණෙහිම අහසට පැනගත් යක්‍ෂයා නවගුණ වැල් හතර පොටක් කඩා දැම්මත්, ඉතිරි තුන් පොට කඩා ගත නොහැකි විය. මෙල්ල වූ යකා පුල්ලියාපිටියේ දීගල්ල ප්‍රදේශයේ ගලක් ළඟ වැටී සිටියේය. ගම්වැසියන් එකතු වී කඹවලින් යක්‍ෂයා බැඳ දැම්මේය. කඹවලින් ලෑ (බැඳ දැමූ) තැන කබලෑව විය.

යක්‍ෂයාගේ ශක්තිය දුටු පත්තිනි දෙවියෝ ඔහුට දේව වරමක් දුන්නේ අසරණ රට වැසියන්ට දුකට කරදරයට පිහිට වෙන ලෙස පොරොන්දු කර ගනිමිනි. එතැන් පටන් කඹලෑ යක්‍ෂයා කබලෑ දෙවියන් ලෙස ගම්මුන් අතර ප්‍රසිද්ධ විය.

පිල්ලි දහ අටක්, අංගම් දහ අටක්, හූනියම් කිරීමට මන්ත්‍ර ලක්‍ෂයක් සහ හූනියම් කැපීමට මන්ත්‍ර ලක්‍ෂයක් හිමි කඹලෑ මුත්තා වරදට දඬුවම් දෙමින්, දුකට කරදරයට පිහිට වෙමින් ගෙයක් ගෙයක් පාසා ඇවිදියි. පැරැණි සත්කෝරලයේ වැසියෝ නිවෙස ඉදිරිපිට ගවගාල සකස් කොට එළියේ කඹලෑ මුත්තාගේ පහන් පැලින් විහිදෙන එළිය ගවගාලට වැටෙන්න සලස්වයි. සුදු අසු පිටින් එන කඹලෑ මුත්තා කිරි හරකුන්ගෙන් කිරි බී, ගෙවැසියන්ට ආශිර්වාද කර වතුපිටි හරක බාන ගෙවල් ‍ෙදාරවල් ආරක්‍ෂා කරයි.

කඹලෑ මුත්තාට නිවෙස ඉදිරිපිට තබන පහන් එළිය නිවෙසේ ඉදිරි ‍ෙදාරට වැටීම නුසුදුසු බව ගම්මුන්ගේ පිළිගැනීමයි. පුර පක්‍ෂයේ දිනවල (පසළොස්වක පොහොය දිනට පෙර දින පහළොව) සූනියම් දෙවියන්ගේ බලය වැඩි අතර, අව පක්‍ෂයේ දිනවල (පසළොස්වක පොහොය දිනට පසු දින පහළොව) සූනියම් යක්‍ෂයාගේ බලය වැඩිවේ. ඒ නිසා අව පක්‍ෂයේ දිනවල සූනියම් යක්‍ෂයාගේ බැල්ම නිවෙසට වැටීම අසුබය.

සූනියම් දෙවියන්ගේ හා සූනියම් යක්‍ෂයාගේ ස්වරූපයන් විවිධ මතධාරීන් විවිධාකාරයෙන් ඉදිරිපත් කරයි. සූනියම් දෙවියන්ගේ සුදු වත, අතේ සෝලු වැලකි. සුදු අසු නිල වාහනයයි. සුරතින් තඹ පොතක් ගෙන වමතින් ත්‍රිශූලය, සුදු ජටාවක් බැඳ උතුරු සලුවකින් සැරසෙයි. සූනියම් යක්‍ෂයාගේ මුවෙහි විෂ සර්ප, සිරසේ නාග කොණ්ඩා පහක්, උදරයේ නයින් බැඳ, සුරත කඩුවක් (වේවැලක්), වමත ගිනි කබල දිවි සම් පොරවාගෙන උදරයේ නාග බඳ පටිය, ගෙලෙහි නාග තැල්ල, දෑසින් දුම් කඳක් හා දෙකන් සිදුරෙන් ගිනි ජාලාවක්, දෙකර සැඩපළු උඩු රැවුල දඟ ගසා ඇත. යටි රැවුල දිග හැර ඇත. නෙතින් ගිනි දැල්, දෙසවනින් දුම් පිටවේ. හුස්මෙන් ජල කඳකි. මුවින් විෂ දුම් හරී. මුවෙහි පොළඟෙකි. දෙවුර උරගුන්ය. ළමැද රකුසෙකි. රන් හීය උර හෙළාගෙන ඇත. කුරිරු විසඝෝර නයින් සියොළඟ පලඳී. තින්නෝරු ගාගෙන සිටී.

කුලියාපිටියේ, කබලෑ දෙවිගම, කබලෑව ප්‍රධාන දේව මන්දිරය කරගෙන වෙසෙන මෙම දෙවියන්ගේ ආශිර්වාදයට පත්වන ප්‍රදේශ වන්නේ රද්දලාන, කබලෑව, කුඹල්වල, ගොමුගොමුව, කෝන්ගහගෙදර, වනමන්දාව, කොක්එළුව, පිදුම, දික්හැර, වෑවල, ගයියාල, දීගල්ල, වෑගමුව සහ පල්ලේපිටිය යි. සංචාරය කරන ප්‍රදේශ වන්නේ බෝධිමුල්ල, අස්සැද්දුම, දියකලමුල්ල, උණලීය, තම්මත් කරවිට, මාවෙල කරගහගෙදර, ගල්පොළ, බෙම්මුල්ල, බෝගොඩ, කටුවැල්ල, වල්පොළමුල්ල සහ කුලියාපිටිය යි. කඹලෑ මුත්තා මුන්නේශ්වරමේ සිට තම්මැන්නා තොටට ගොස් ගිමන් හැර දිය නා ගම්බිම් බලා ඇවිදියි. ඒ නිසා මේ සියලු ගම්බිම් කඹලෑ දෙවියන්ගේ බලය පවතින ප්‍රදේශ බවට විශ්වාසයක් ඇත. එනමුත් ලක්දිව නන්දෙසින් එන හුදී ජනයා කඹලෑ මුත්තාගෙන් පිහිට අයැදියි. කඹලෑ මුත්තාගේ බලයෙන් පේන කීමද සිදු කෙරේ.
කබලෑ සූනියම් දෙවියන්ට පුදන ඕනෑම කෙනකුට අමනුෂ්‍ය බිය, රාජ බිය ආදී කිසිදු ව්‍යසනයකට පත් නොවී සිටිය හැකි බව අත්දැකීම් ලද භක්තිකයෝ පවසති. සූනියම් දෙවියන්ට පහන් තැබිය යුතු වේලාවන් වන්නේ බදාදා 9.05 ත් 9.45ත් අතර සෙනසුරාදා 9.45 ත් 10.45ත් අතරය..
සූනියම් දේවතා නමස්කාරය,

ශිව මස්තු නමෝ රාම--
- කන්ධ සේනා සමාගම--
වඩිගතන්ත්‍ර මණී කණ්ඨ--
- ඔඩ්ඩි මංගල නමෝ නම--
අග්නික් කන්ධංච හස්තේන
- හස්තේන වඩිග කර්ගතේ
මුඛේන විෂ සර්පේන
- ශීර්ෂෙ පංච කේශකේ
උදරේ නාග බංදාමි
- නීලොත් තුරඟ වාහන--
සූනියම් දේවතා නාම
- මහියංදි පාදකේ නමෝ
(ප්‍රථමයෙන් ත්‍රිවිධ රත්නයට පූජා පවත්වා ආගමානුකූලව කටයුතු නිමවා දේව කටයුතු කළ යුතුය. නිවෙස තුළ සූනියම් දෙවියන්ට පහන් පත්තු නොකරයි. දෙවියන්ට කපුරු පහන් පත්තු කර, දුම් අල්ලා, තෙවරක් කියා පින් දිය යුතුය. ප්‍රාර්ථනාවන් ඉටුවේ. සර්වාරක්‍ෂාව ලැබේ.)

පින් දෙන ගාථාව
නානාවණ්ණෝ මහා තේජෝ
ඕදාතහය වාහනෝ
ගාම සංචාරකෝ දේවෝ
ඉමං පුඤ්ඤානුමෝදතෝ

නම්බුකාර ගම්බාර අප්පච්චි...ශ්‍රීමත් සිද්ධ සූනියම් දෙවතාවුන් වහන්ස..පින් ගන්න..පිනට පිහිට වෙන්න..මා අත දැන වැරදි නොදැන වැරදි ඇතොත් සමාවෙන්න..ආයු වර්ණ සැප බල ප්‍රඥා වඩා වර්ධනය කරදී ඒ පින් ලැබගෙන ඔබ වහන්සේ මතු බුද්ධත්වය ලබන්න..පින් අනුමෝදන්ව ඔබ වහනන්සේගේ දිිව්‍ය බල පරාක්‍රමය සැප සම්පත වර්ධනය වේවා..!!!

උපුටා ගැනීමකි

රචනය - Chathura Manodara Nakandala



වීඩියෝව නරඹන්න රූපය මත ක්ලික් කරන්න>>

Mrs top of the world තරගය සඳහා ඕෂධී හේවාමද්දුම  මේවනවිට විදෙස්ගතව සිටිනවා.
ඇය තම තරග අතරතුර ලබාගත් ඡායාරූප පෙළක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

තරගයේ අවස්ථා ඇතුළත් ඡායාරූප පහතින් දැක්වෙනවා.



Mrs top of the world තරගය සඳහා ඕෂධී හේවාමද්දුම  මේවනවිට විදෙස්ගතව සිටිනවා.
ඇය තම තරග අතරතුර ලබාගත් ඡායාරූප පෙළක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

තරගයේ අවස්ථා ඇතුළත් ඡායාරූප පහතින් දැක්වෙනවා.


Copyright © Achcharu Video.
Powered by Blogger.